February 2016

කෘෂි කාර්මික රටක් ලෙස අප අපේ තෙත්බිම් ආරක්ෂා කරගැනීම අපගේ වගකීමක් වනු ඇත.පෙබරවාරි 02 ලෝක තෙත් බිම් දිනය වනවා සේම මුලුමහත් තෙත් බිම් සුරක්ෂිත කරගැනීමට අදිටන් කර ගන්නා ලෙස ඔබට ආයාචනය කරනුයේ කැමැත්තෙනි.

ලෝක තෙත් බිම් දිනය පෙබරවාරි 02
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0lfkulkQ7cTPTxRW0c8yAcYUPBayfenIfhJRzAEHDMUBxcJDVqBLb_bgsR7HlkRpF3eQDj9jBcVU6DywbrWgcfR1RRSBS_UTMw_jmOhupsjbsIr9p46j1W1t1H3MkhQwvUmdMx341ImYC/s320/images.jpgස්වභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන පාරිසරික විවිධත්වය තුළ තෙත් බ්ම් වලට හිමි වනුයේ මුලික ස්ථානයකි. සෑම රටකම සමතුලිත පාරිසරික තත්වයක් රැුකදීමෙහි ලා මෙමගින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එනිසාම සෑම වසරකම පෙබරවාරි 02 වන දින ජගත් තෙත් බිම් දිනය ලෙස නම් කර තිබේ. එසේ  නම් වූ ලෝක තෙත් බිම් දිනයේ කතාවයි මේ.
1960
ගණන් වන විට යුරෝපය තුළ තෙත් බිම් සීඝ‍්‍රයෙන් අඩුවීම හා ජලාශ‍්‍රිත පක්ෂීන් විශාල ලෙස වද වීම යාම මූලික කොට ගනිමින් තෙත්බිම් සම්බන්ධව අන්තර්ජාතික සමුළුවක් 1971 පෙබරවාරි මස 2 දින ජාතීන් 18කගේ සහභාගිත්වයෙන් ඉරානයේ රැුම්සාර් නුවරදී පවත්වන ලදි. එහිදී ජගත් තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා අන්තර්ජාතික සම්මුතියක් අත්සන් තබන ලද අතර එය රැුම්සාර් සම්මුතිය නමින් හැදින්වේ. 1971 අත්සන් තබා සම්මත කර ගත් මෙම සම්මුතිය 1975 වසරේ සිට බලාත්මක වී ඇත. මෙම සම්මුතිය ලෝකයේ තෙත්බිම් සංරක්ෂණය හා යහපාලනය සඳහා ක‍්‍රියාත්මක වන අතර දැනට රටවල් 160 කට වැඩි ප‍්‍රමාණයක් මෙයට අත්සන් තබා තිබේ. මෙම සම්මුතියෙහි පරමාර්ථය ලෙස දක්වා ඇත්තේ,
ලොව පුරා තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා ස්ථානීය මෙන් ම ජාතික හා අනතර්ජාතික සහයෝගිතා මගින් සියලූ තෙත්බිම් සංරක්ෂණය කිරීම හා නැණවත්ව භාවිතා කිරීම
යන්නයි. මීට අමතරව මෙමගින් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් පරිසර පද්ධති කෙරෙහි හිතකර කිරීම සඳහා නැණවත් භාවිතාවනමින් චින්තනයක් ද ක‍්‍රියාත්මක කෙරේ.  මෙම සම්මුතිය දැනට ලෝකයේ ක‍්‍රියාත්මක වන්නාවූ පැරණිතම නූතන අන්තර්ජාතික එකගතාව වශයෙන් ද සැලකේ. මේ වන විට මෙයට සම්බන්ධ වන තෙත්බිම් සංඛ්‍යාව දහසට වැඩි ය.
රැම්සා සම්මුතියට අනුව තෙත් බිමක් වශයෙන් සලකනු ලබන්නේ, ස්වභාවික හෝ කෘත‍්‍රීම වූද ස්ථීර හෝ තාවකාලික හා කරදිය හා කිවුල්දිය සහිත බාදිය මට්ටමේ සිට මිටර් 06 ට වඩා අඩු සාගර ජලය ඇති ප‍්‍රදේශ ඇතුලත් වගුරු බිමි ගොහොරු බිම් සහ ජල ප‍්‍රදේශ වේ. ශ‍්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් තබමින් සාමාජිකත්වය ලබා ගන්නේ 1987 වුවත් එය බලාත්මකව ඇත්තේ 1991 වර්ෂයේ ඔක්තෝම්බර් 15 වන දින  සිටයි. ශ‍්‍රී ලංකාව ගත්කළ තෙත්බ්ම් බහුල වශයෙන් හඳුනාගත හැකි රටකි. කරදිය , මිරිදිය මෙන් ම කෘත‍්‍රීම තෙත්බිම් ද ඒ අතර වේ. කලපු ,කඩොලාන , කොරල්පර ,මුහුදු තෘණබිම් හා මෝය කරදිය තෙත්බිම් ය. මිරිදිය වගුරු, ගංගා, ඇල-දොල, ඔයවල් මිරිදිය තෙත්බිම් වලට අයත් වේ. කුඹුරු, වැව් හා ජලාශ වලින් යුත් කෘත‍්‍රීම තෙත්බිම් වලින් ද ලංකාවේ තෙත්බිම් පද්ධතිය ගොඩනැගී තිබේ. එනිසාම ලෝක තෙත් බිම් ප‍්‍රමාණයෙන් විල් හැරුණු විට අනිකුත් සියලූ අංගයන්ගෙන් සමන්විත අපූරු සොභා සෞන්දර්යකින් යුතු රටක් ලෙස ලෝකයේ ම පිළිගැනීමට ලක්ව තිබීම අප කාගේත් සිත් වලට නිරහංකාර ආඩම්බරයක් ද එක් කරයි. කෙසේ හෝ මේ වන විට රැුම්සා සම්මුතියෙන් සංරක්ෂණය වන රැුම්සාර් තෙත්බිම් 5ක් ලංකාවෙන් හදුනාගත හැක. එනම්,
 
බූන්දල ජාතික වන උද්‍යානය
 
වයඹ පළාතේ ආනවිලූන්දාව අභය භූමිය
 
දකුණු පළාතේ මාඳුගඟ අභය භූමිය
 
මන්නාරම් දිස්ත‍්‍රික්කයේ වාන්කාලේ අභය භූමිය
 අම්පාර දිස්ත‍්‍රික්කයේ කුමන අභය භූමිය
                                       
යන ඒවායි.
 
දකූණු පළාතේ බුන්දල ජාතික වන උද්‍යානය මෙරට ප‍්‍රථම රැුම්සාර් තෙත්බිම වශයෙන් 1990 ජූනි 15 වන දින නම් කර ඇත. මීට අමතරව මුතුරාජවෙල අභය භුමිය, කලමැටිය, හික්කඩුව, රූමස්සල වැනි අභය භූමි 42ක් පමණ ආසියානු තෙත්බිම් නාමාවලියට ඇතුලත් කර තිබීමත් විශේෂත්වයකි. මේ නිසාම තෙත් බිම් පාරිසරික සම්පත් උපරිම වශයෙන් ඇති රටක් ලෙස අප රට සැලකීම සාවද්‍ය නොවේ. අතීතයේ සිට ම කෘෂිකාර්මික රටක් වන ලංකාවට කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල සම්පාදනය, වැව් මගින් වැසි ජගය ගබඩා කර ගැනීම, ලූණු කර්මාන්තය මෙන්ම ජල විදුලිය නිපදවීම වැනි කර්මාන්ත රැුසකට මේවා මගින් විශාල දායකත්වයක් ලබා දෙයි. තවත් අතකට කඩොලාන ශාක ප‍්‍රජාව මගින් වෙරළ ඛාදනය වැලක්වීම, ස්වභාවික විපත් පාලනය කිරීම ආදී සේවා රැුසක් ද ඉටු කෙරේ.
පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධව වර්තමානය වන විට ගැටලූ රැුසක් උද්ගතව තිබේ. ඒ සඳහා මුලිකවම බලපෑ ඇත්තේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම් ය. ඒ අතර තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම, මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම, තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබේ. මෙම තෙත්බිම් ආශ‍්‍රිත හානි අවම කර ගැනීම සඳහා යම් ආකාරයක මෙහෙයක් 1937 අංක 02 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මගින් ඉටු කෙරේ. එය 1970,1992 හා නැවත 2009 වසර වල සංශෝධනය වෙමින් තෙත්බිම් ආරක්ෂා කිරීමේ යම් ආකාරයක වගකීමක් ඉටු කරනු ලබයි. කෙතරම් විධි විධාන යෙදුව ද මිනිසුන් අවිධිමත් ලෙස සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතී. ඊට විකල්පයක් ලෙස මෑතකාලීනව පරිසර අධකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක වෙමින් පවතී. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව මෙන් ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මෙම පරිසර ප‍්‍රජාව තවත් අතකට මෙරට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමට ද ප‍්‍රබල දායකත්වයක් දරනු ලැබේ.
විනාශවීමේ තර්ජනයට මුහුණ දී සිටින මෙම තෙත්බිම් රැුක ගැනීම සඳහා විවිධ සම්මන්ත‍්‍රණ, දැනුවත් කිරීමේ වැඩසටහන්, අත් පත‍්‍රිකා බෙදා දීම්, වාර්තා වැඩසටහන් ආදිය සිදු කිරීමට වගකිවයුතු ආයතන ඉක්මනින් ක‍්‍රියාත්මක වීම තුළ අනාගතයේ ඇති විය හැකි විශාල පාරිසරික හානියක් වලක්වා ගත හැකි වනු ඇත. එබැවින් සෑම වසරක ම පෙබරවාරි 02 වන දිනට යෙදෙන තෙත්බ්ම් දිනයේ දී පමණක් නොව හැකි සෑම විමට සෑම දෙනාම තමාට හැකි පමණින් තෙත්බිම් වලට සිදුවන හානිය අවමකර ගැනීමට වගබලා ගැනීම තම පරම යුතුකමක් බව සිහිතලාගෙන කටයුතු කල යුතව  ඇත.

අප එදිනෙදා ආහාරයට ගනු ලබන බොහෝ දේ ඉතාමත් පිරිසිදු සහ ගුණදායක ආහාරයක් වන්නේද? යන්න අප මදක් සිතා බැලිය යුතුය.අප රටේ සියලුම ආහාර ගත කල ඉතා අගුණය.එම නිසා අප ආරාධනා කරන්නේ ඔබට වසවිසෙන් තොර වු ආහාර තුලින් යහපත් දිවියක් ගොඩනගා ගැනීමයි.

අලුතින් හදුන්වා දෙන ලද ටොම් ඊජේසි නම් වු අඹ විශේෂය තුලින් වැඩි ආදායමක් ගොවියාට ලබාගත හැක.ඒ පිළිබඳ තොරතුරැ බිදක්.

ඉතාමත් වැදගත්කමකින් යුතු පොහොර වර්ගයකි.කුණු කසල දිරාපත් කරදීම මෙන්ම ගැඩවිල් පොහොර ලබා දීමද මේ තුලින් සිදු කෙරේ.ගැඩවිල් දියර පොහොර ඉතා වටිනා පොහොර වර්ගයකි.

Contact Form

Name

Email *

Message *

Powered by Blogger.